Posts

Showing posts with the label Sannasgala

නතාශා | Nathasha

Image
"මට එහේ සෙට් නෑ බන්, මං යන්නෙ නෑ." "උඹට මෙහෙ සෙට් ද?" "මට මෙහෙත් සෙට් නෑ බන්." මේ මීට අවුරුදු විස්සකටත් එහා දවසක, නුගේගොඩ ප්‍රසිද්ධ ටියුශන් පන්තියක් වුන රොටරියේ කාර්යාලයේ වෙච්ච දෙබසක්. මේසයේ එක්පසෙක ප්‍රසිද්ධ සිංහල ගුරුවරයෙකු වූ සන්නස්ගල හෙවත් සන්නාත් , අනිත් පස මුහුණ පුරා රැවුල වවනු ලැබූ, උරහිස දක්වා කොන්ඩය වැවූ, බොහීමියානු පෙනුමක් ඇති නමින් පසන් කොඩිකාර  නම් තරුණයෙකුත් වාඩිවෙලා හිටියා.  ඔහු එරමිණිය ගොතාගෙන පුටුවක වාඩි වී, විශාල පොතක් දිගහරිමින්, සන්නා හට පින්තූරයක් පෙන්නනවා. එම පින්තූරයේ සිටින්නේ ඉතාම ලස්සන රුසියානු කෙල්ලෙක්. "මේ ඉන්නෙ මගෙ රුසියානු පෙම්වතිය නතාශා. ලංකාවට ඇවිත් ඉන්නෙ මාව එක්කන් යන්න." "ඉතින් උඹ යනවද?" "මට එහේ සෙට් නෑ බන්, මං යන්නෙ නෑ." ඔහු තවදුරටත් කිව්වා. "උඹට මෙහෙ සෙට් ද?" "මට මෙහෙත් සෙට් නෑ බන්." මේ තමයි කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ ගයන නතාශා ඇවිදින් ගියා ගීතයේ පසුබිම් කතාව. මේ කතාව එදාම සන්නාගෙ අතින් ගීතයක් විදියට ලියවෙනවා. "නතාෂා ඇවිදින් ගියා...පියාඹා වෙරලින් එහා... නයිල...